දේශීය

කොවිඩ් එන්නත් මිලියනය ලැබීමේදී ප්‍රමාදයක් සිදුවිය හැකියි

(UTV | කොළඹ) – ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇණවුම් කරන ලද ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මිලියනය මෙරටට ගෙන්වීමේ දී සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එම නිෂ්පාදන සමාගමේ ගොඩනැගිල්ලක ඇති වු ගින්න හේතුවෙන් එන්නත් තොගය මෙරටට ගෙන්වීමට මෙලෙස ප්‍රමාද විය හැකි බව ඒ මහතා සඳහන් කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ශ්‍රී ලංකාවට දැනට ලැබී තිබෙන එන්නත් ප්‍රමාණය ගැන අප සතුටට පත්විය යුතුයි. දැනටමත් එන්නත එක මාත්‍රාවක් හෝ ලැබුණේ නැති රටවල් 110කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ තියෙනවා. අපිට එන්නත් මිලියන 1.26ක ප්‍රමාණයක් දැනට ලැබිලා තියෙනවා. ඉදිරියේ දී මිලදී ගැනීමට බලාපොරොත්තු වන එන්නත් මිලියනයක ප්‍රමාණයක් ලැබීමට යෝජිතව තිබෙනවා. ඔබ දන්නා විදියට සීරම් නැමති නිෂ්පාදන ආයතනයේ ඇති වු ගින්න නිසා සුළු ප්‍රමාදයක් සිදුවීමට අවකාශයක් තියෙනවා. නමුත් ඔවුන් අප විසින් කරන ලද ඇණවුමට ගරු කරන බවත් ඉදිරියේ දී හැකිතාක් ඉක්මනට එම එන්නත ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කරලා තියෙනවා.“

 

Related posts

ඉතිරි කසල කන්ටේනර් 242 ත් එංගලන්තයට යැවීමට නියෝග

Mohamed Dilsad

කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment