ක්‍රීඩා

T20 තරඟාවලියේ ජය කොදෙව්වන්ට

(UTV | බටහිර ඉන්දීය කොදෙව්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20 – 20 තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම අද සමත් විය.

ඒ ඇන්ටිගා හී ඊයේ පැවති තුන්වන හා අවසන් 20 යි 20 තරගයේදී ශ්‍රි ලංකා කන්ඩායම කඩුලු 03 කින් පරාජයට පත්කරමින්.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලබා ගත්තේ ලකුනු 131 ක් පමණයි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ කොදෙව්වන් පන්දුවාර 19 අවසානයේ කඩුලු 07 ක් දැවී තරගය ජයගැනීමට සමත් විය.

ඒ අනුව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරග 3කින් සමන්විත 20-20 තරගාවලියේ ශූරයන් බවට කොදෙව් කණ්ඩායම පත්වනු ඇති.

දෙරට අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 10 වනදා ආරම්භ වේ. තරග 3 ක් ඊට අයත්.

 

Related posts

ලෝක කුසලානයේදී සිංහයින් පිටියට එන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ලකුණු 67 ක ජයක්

Mohamed Dilsad

අද විවෘත කෙරුණු ක්‍රීඩක නිවහන[PHOTOS]

Mohamed Dilsad

Leave a Comment