විදෙස්

නෙදර්ලන්තයේ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක්

(UTV | ඇම්ස්ටර්ඩෑම්) – නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් නගරයට උතුරින් පිහිටි නගරයක කොවිඩ්-19 වෛරස පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක් සිදුව තිබේ.

මෙම කොවිඩ්-19 පරීක්ෂණ මධ්‍යස්ථානය ඊයේ (03) දිනයේදී විවෘත කිරීමට මද වේලාවකට පෙර මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එම පිපිරීමෙන් පරීක්ෂණ මධ්‍යස්ථානයේ ජනෙල් කැඩී ගොස් ඇති නමුත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවද නෙදර්ලන්ත පොලීසිය පවසයි. කෙසේ වෙතත් මෙම පිපිරීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුවන බවද පොලීසිය කියයි.

 

Related posts

පාකිස්තානයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට [VIDEO]

Mohamed Dilsad

“මගේ ඔලුවට ආපු එකම දෙය මම මැරෙන්න ළඟයි කියන එක විතරයි” මහා ගින්නකින් දෙමව්පියන්ගේ ජීවිත බේරු පුංචි දියණියගේ කතාව – Video & Photos

Mohamed Dilsad

ට්‍රම්ප්ගෙන් හමාස් සටන්කාමීන්ට අනතුරු ඇඟවීමක්

Editor O

Leave a Comment