විදෙස්

මුව ආවරණ නීතිය ඉවත් කිරීමට ටෙක්සස් ප්‍රාන්තය සූදානමින්

(UTV | ඇමරිකාව) – මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති නීතිය ඉවත් කිරීමට අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්ත බළධාරීන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ලබන සතියේ සිට එහි සියලුම ව්‍යාපාර කටයුතුද කිසිදු සීමා පැණවීමකින් තොරව පවත්වාගෙන යාමට අවසර හිමිවනු ඇති.

ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරණය ගෙන ඇති නමුත් ඊට අමෙරිකාවේ වත්මන් ජෝ බයිඩ්න් පරිපාලනය විසින් පූර්ණ අනුමැතියක් දී නොමැති බවටයි වාර්තා පළවෙයි.

කොවිඩ් මර්දන රෙගුලාසි අඛණ්ඩව බලාත්මක විය යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත අතුරින් 03 වන ස්ථානයට වැඩිම මරණ සටහන්වූ ප්‍රාන්තය වන්නේ ටෙක්සස් ප්‍රාන්තයයි.

 

Related posts

අඟහරුගේ පැති රූප චීනයේ ටියැන්වෙන් -1 නිකුත් කරයි

Mohamed Dilsad

තමන්ගේ ඡන්දයට උදව් කළ පුද්ගලයාට ඇමරිකන් ජනාධිපතිගෙන් තනතුරක්

Editor O

තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

Leave a Comment