විදෙස්

මුව ආවරණ නීතිය ඉවත් කිරීමට ටෙක්සස් ප්‍රාන්තය සූදානමින්

(UTV | ඇමරිකාව) – මුව ආවරණ පැළඳීම අනිවාර්ය කර ඇති නීතිය ඉවත් කිරීමට අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්ත බළධාරීන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ලබන සතියේ සිට එහි සියලුම ව්‍යාපාර කටයුතුද කිසිදු සීමා පැණවීමකින් තොරව පවත්වාගෙන යාමට අවසර හිමිවනු ඇති.

ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරණය ගෙන ඇති නමුත් ඊට අමෙරිකාවේ වත්මන් ජෝ බයිඩ්න් පරිපාලනය විසින් පූර්ණ අනුමැතියක් දී නොමැති බවටයි වාර්තා පළවෙයි.

කොවිඩ් මර්දන රෙගුලාසි අඛණ්ඩව බලාත්මක විය යුතු බව ඔවුන්ගේ ස්ථාවරයයි.

ඇමෙරිකාවේ ප්‍රාන්ත අතුරින් 03 වන ස්ථානයට වැඩිම මරණ සටහන්වූ ප්‍රාන්තය වන්නේ ටෙක්සස් ප්‍රාන්තයයි.

 

Related posts

ශෂිකලාට එරෙහි දුෂණ නඩුවේ තීන්දුව අද

Mohamed Dilsad

පකිස්ථානයේ ප්‍රබල භූමිකම්පාවකින් 20 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ දරුණු ගං වතුර තත්ත්වයක් – 50 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment