විදෙස්

දකුණු කොරියානු ජනාධිපතිවරණයට ජනතාව අතර දැඩි උනන්දුවක්

(උදයම්,දකුණු කොරියාව)  –  දකුණු කොරියානු  ජනාධිපතිවරණය සඳහා ජනතාව උනන්දුවෙන් ඡන්දය භාවිත කරන බව වාර්තාවේ.

මෙය ජනාධිපතිනී පාක් ගුවෙන් හේ දෝෂාභියෝගයකින් ඉවත් කිරීමෙන් පසු පැවැත්වෙන ජනාධිපතිවරණය නිසා සියලු රටවල අවධානය මේ සඳහා යොමුව තිබේ.

උතුරු කොරියාව සමඟ උණුසුම් වාතාවරණයක් පැණ නැගී ඇති මොහොතක මෙම ජනාධිපතිවරණය පැවැත්වීම විශේෂත්වයකි.

උතුරු කොරියාව සමඟ සුහදශීලීව කටයුතු කළ යුතුය යන මතයේ සිටින වාමාංශික අදහස් සහිත මූන් ජේ ඉන් මෙවර ජනපතිවරණයේදී ඉදිරියෙන් සිටි.

ඔහුට ප්‍රධාන අභියෝගය එල්ල වන්නේ මධ්‍යස්ථ මතධාරී අන් චියොල් සූ ගෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඊයේ ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ අවසන් දිනයයි.

එම අවසන් ප්‍රචාරක රැළියට එක් වෙමින් මූන් ජේ ඉන් ප්‍රකාශ කළේ තමා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් වෙන් වූ ජාතිය එක් කිරීමට කටයුතු කරන බවය.

Related posts

කිම් ජොං නැම්ගේ මෘත ශරීරය උතුරු කොරියාවෙන් ඉල්ලයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ රන් ආකරයක් කඩා වැටී 60 ක් මරුට..

Mohamed Dilsad

කොරෝනා වෛරසය පැතිරීමේ දෙවන රැල්ලක් ගැන අනතුරු ඇගවීමක්

Mohamed Dilsad

Leave a Comment