විදෙස්

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් සිසුවියන් 300 ක් පැහැරගනී

(UTV | නයිජීරියාව) – නයිජීරියාවේ වයඹදිග සැම්ෆාරා ප්‍රදේශයේදී ආයුධ සන්නධව පැමිණි කණ්ඩායමක් විසින් පාසල් සිසුවියන් 300 දෙනෙකු පැහැරගෙනගොස් ඇත.

රජයේ ආරක්ෂක හමුදා ලෙස සැරසී සිටි ආයුධ සන්නද්ධ කන්ඩායම බාළිකා පාසලකට කඩා වැදී සිසුවියන් බලහත්කාරයෙන් වාහනවල නංවාගෙන පැහැරගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙයි.

ඊයේ අලුයම් කාලයේ කැබ් රථ සහ යතුරුපැදිවලින් පැමිණි සන්නද්ධ කණ්ඩායම් දැරියන් පැහැරගෙන ගොස් ඇත්තේ ඔවුන් හඬා වැටෙද්දීයි.

ඇසින් දුටුවන් පවසා ඇත්තේ සන්නද්ධ කල්ලියේ සියයකට වැඩි පිරිසක් පාසලේ නේවාකාගාරයට කඩා වැදුණු බවයි.

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කන්ඩායම් විසින් කප්පම් ගැනීම සඳහා පාසල් දරුවන් පැහැරගැනීම සිදුකර අතර මෑත කාලයේදී එකවර විශාල පිරිසක් පැහැරගත් පළමු අවස්ථාව මෙය බව ද වාර්තා වෙයි.

 

 

Related posts

න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

උතුරු කොරියාව ට්‍රම්ප්ට අභියෝග කරයි

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු මුදල් අමාත්‍යවරිය අතර නිල සාකච්ඡාවක්

Editor O

Leave a Comment