විදෙස්

ජගත් සංවිධානයෙන් නොමිලයේ ලබාදෙන ප්‍රථම කොරෝනා එන්නත් තොගය ඝානාවට

(UTV | ඝානාව) – එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දුප්පත් සහ මැදි ආදායම් රටවලට නොමිලයේ කොරෝනා එන්නත් ලබාදීමේ කොවැක්ස් වැඩසටහන යටතේ ලබාදෙන ප්‍රථම එන්නත් තොගය අප්‍රිකානු ඝානා රාජ්‍යයට ලබාදී ඇත.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා ලක්ෂ 06 ක් මෙලෙස ලබාදීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ධනවත් රටවල් විසින් එන්නත් සඳහා මුදල් ගෙවා වෙන් කර ගැනීම හේතුවෙන් දිළිඳු රටවලට සහනයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඊට අනුබද්ධ යුනිසෙෆ් සංවිධානය විසින් මෙම කොවැක්ස් පහසුකම යටතේ එන්නත් ලබාදීම සිදුකරනු ලබයි.

ඒ යටතේ මෙම වසර අවසන් වන විට එන්නත් මාත්‍රා කෝටි 200 ක් ලොව පුරා රටවලට බෙදා හැරීමට නියමිතව ඇත.

 

Related posts

ස්කොට්ලන්තයෙන් කොවිඩ් -19 ආසාදිත පළමු රෝගියා හමුවෙයි

Mohamed Dilsad

ජනාධිපති අදමා බැරෝ යළිත් සිය රටට

Mohamed Dilsad

කැනඩාවේ කොවිඩ් ආසාදන තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment