විදෙස්

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එක් මාත්‍රාවක් ප්‍රමාණවත් බව හෙළිවෙයි

(UTV| ඇමරිකාව) – කොවිඩ් මර්දනයට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිපදවන ලද එන්නතේ එක් මාත්‍රාවකින් පමණක් ප්‍රතිශක්තීකරණය නිසි ලෙස සිදුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ අනුව ඇමරිකාව තුළ භාවිතයට ගැනෙන 03 වන එන්නත ලෙස ඊටද නුදුරේදීම අනුමැතිය හිමිවනු ඇති බවට වාර්තා පලවෙයි.

දැනටමත් එරට තුළ භාවිතයට ගන්නා ෆයිසර් සහ මෝදනා එන්නත්වලට සාපේක්ෂව මිළයෙන් අඩුවීම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ විශේෂත්වයක්.

එමෙන්ම සාමාන්‍ය ශීතකරණයක පවා එය ගබඩා කර තැබිය හැකියි.

 

Related posts

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවේ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 60ක් මියයයි.

Mohamed Dilsad

පිලිපීනයේ බන්ධනාගරයකින් රැදවියන් 150 ක් පලායති.

Mohamed Dilsad

Leave a Comment