විදෙස්

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එක් මාත්‍රාවක් ප්‍රමාණවත් බව හෙළිවෙයි

(UTV| ඇමරිකාව) – කොවිඩ් මර්දනයට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිපදවන ලද එන්නතේ එක් මාත්‍රාවකින් පමණක් ප්‍රතිශක්තීකරණය නිසි ලෙස සිදුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ අනුව ඇමරිකාව තුළ භාවිතයට ගැනෙන 03 වන එන්නත ලෙස ඊටද නුදුරේදීම අනුමැතිය හිමිවනු ඇති බවට වාර්තා පලවෙයි.

දැනටමත් එරට තුළ භාවිතයට ගන්නා ෆයිසර් සහ මෝදනා එන්නත්වලට සාපේක්ෂව මිළයෙන් අඩුවීම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ විශේෂත්වයක්.

එමෙන්ම සාමාන්‍ය ශීතකරණයක පවා එය ගබඩා කර තැබිය හැකියි.

 

Related posts

ඩෝරියන් සුළි කුණාටුව නිසා බහමාස් දිවයිනේ නායයෑම් තත්ත්වයක් [video]

Mohamed Dilsad

කිම්ජොං අන්ට ඇමෙරිකාවට ආරාධනාවක්?

Mohamed Dilsad

ඔබාමාගේ නීති වලට ට්‍රම්ප් එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment