ගොසිප්

කෘත්‍රිම ශාරීරාංග සමගින් අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැනි ගගනගාමියා

(UTV| කොළඹ) – පෘථිවි කක්ෂයට පිවිසෙන ළාබාලම අමෙරිකානුවා මෙන්ම කෘත්‍රිම ශාරීරාංග සමග අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැන්නා බවට 29 හැවිරිදි හේලි ආර්සෙනෝව් පත් වීමට නියම්ත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය දරුණු අස්ථි පිළිකා රෝගයෙන් සුවය ලැබීමෙන් අනතුරුව ගගනගාමියෙක් වූ පළමු කාන්තාව බව ද එම වාර්තා පවසයි.

ඊලොන් මස්ක් නම් ව්‍යාපාරික අධිපතියා බිහි කළ ස්පේස් එක්ස් (SpaceX) සමාගම නිෂ්පාදනය කළ ෆැල්කන් 9 (Falcon 9) රොකට්ටුව මේ වසර අවසානයේදී ෆ්ලොරීඩාවෙන් හේලි ආර්සෙනෝව් අභ්‍යවකාශයට ගෙන යාමට නියමිතව ඇත.

මෙම තරුණිය ගේ පාදවල අස්ථි සමහරක් වෙනුවට කෘත්‍රිම අස්ථි යොදා තිබෙන බවටද වාර්තා වෙයි.

 

Related posts

කොරෝනාවේ අතුරුඵලයකින් දිනකට 12,000 ක් මිය යා හැකි බවට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

පඩිය වෙනුවට මත්කුඩු

Mohamed Dilsad

නිළි බුවිනි, සැමියා එක්ක දෙවන විවාහ සංවත්සරය සැමරූ හැටි

Mohamed Dilsad

Leave a Comment