ක්‍රීඩා

ළහිරු කුමාරටත් කොරෝනා

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි ක්‍රිකට් තරඟාවලිය සඳහා හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටි සංචිතයටද ඇතුළත්ව සිටි ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

කොදෙව් දූපත් බලා යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කල PCR පරීක්ෂණයේදී එය තහවුරු කරගත් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

අනෙකුත් ක්‍රීඩකයින්ගේ PCR පරීක්ෂණ අද රාත්‍රියේදී ලැබීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව ඇත.

මේ වනවිට ඔහු ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන අතර , සෞඛ්‍ය නිර්දේශ අනුව ඉදිරි පියවර අනුගමනය කරන බව ක්‍රිකට් ආයතනය කියා සිටියි.

ක්‍රීඩක ළහිරු තිරිමාන්න සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට ද පසුගියදා කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු විය.

 

Related posts

ICC යෙන් සනත්ට පැනවූ සම්බාධක කාලය අවසන්

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ ඉන්දීය සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

2019 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment