විදෙස්

ඉන්දියාවෙන් හමුවූ කොරෝනා නව ප්‍රභේද සීඝ්‍රයෙන් පැතිරෙන බව හෙළිවෙයි

(UTV | ඉන්දියාව) – ඉන්දියාවෙන් හමුවූ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද අතුරින් බහුතරයක් ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් සමන්විත බව අනාවරණය වී තිබේ.

එහිදී තහවුරු කරගෙන ඇත්තේ , කොවිඩ් 19 මූලික වෛරසයට එරෙහිව සිරුරු තුළ ප්‍රතිදේහ නිපදවී ඇති පුද්ගලයන්ට පවා නැවතත් වෛරසය ආසාධනය වීමද එමගින් සිදුවිය හැකි බවයි.

නව කොරෝනා වෛරසයේ අලුත් ප්‍රභේද 240 ක් පමණ ඉන්දියාවෙන් සොයාගෙන ඇති බව ද එරට විද්‍යාඥයන් සඳහන් කරයි.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ ගණන පසුගිය සතියේදී වේගයෙන් ඉහළ යාමට හේතුවද එය ලෙසට සැළකෙයි.

එමෙන්ම කේරළ, මධ්‍ය ප්‍රදේශ්, චතිස්ගාර් සහ පන්ජාබ් යන ප්‍රාන්තවලින් ද දෛනිකව වාර්තා වන වෛරස ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් වේගයෙන් වැඩි වීමට හේතුවද මෙම නව ප්‍රභේද බවට සැක මතුව තිබේ.

 

 

Related posts

ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා හමු වේ

Mohamed Dilsad

රුසියානු අගමැතිට කොරෝනා ආසාදනය වෙයි

Mohamed Dilsad

හොන්ඩුරාස් ජනපති ඝාතනයට උත්සහ කළ පිරිසට දඩුවම් පැමිණවීම අද

Mohamed Dilsad

Leave a Comment