Trending News

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක්

(උදයම්,කොළඹ)  –  ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගමන් ගන්නා සෑම අවස්ථාවකදීම එම මාර්ගයන් හා අතුරු මාර්ගයන් සම්පූර්ණයෙන් වසා දැමීමට කටයුතු කරන බව පොලීසිය දැනුම් දෙයි.

මැයි මස 11වන දින ප.ව 6.15 ට සිට කටුනායක අධිවේගී මාර්ගය, පෑලියගොඩ, බේස්ලයින් මාර්ගයේ බොරැල්ල, ඩී.එස් විදුහල සංඥා හංදිය, ග්‍රීන් පාර්ත්, නෙළුම් පොකුණ, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, මල්පාර, පිත්තල හංදිය, ජෙම්ස් පීරිස් මාවත, ගංගාරාමය සීමාමාලකය දක්වා.

පස්වරු 07.15 සිට සීමාමාලකය සිට නවම් මාවත, උත්තරානන්ද මාවත, අලියා නාන වටරවුම, මොහොමඩ් මාකන් මාකර් මාවත, ගාලුමුවදොර වටරවුම, ටාජ් සමුද්‍ර හෝටලය.

පස්වරු 8.20ට ටාජ් සමුද්‍ර හෝටලයේ සිට ගාලු මුවදොර පාර,එන්.එස්.ඒ වටරවුම හරහා ජනාධිපති මන්දිරය.

පස්වරු 10.30ට ජනාධිපති මන්දිරයේ සිට එන්.එස්.ඒ වටරවුම හරහා ගාලු මුවදොර පාරෙන් ටාජ් සමුද්‍රා හෝටලය.

2017.05.12 දින පෙරවරු 9.05 ට ටාජ් සමුද්‍රා හෝටලය,ගාලු මුවදොර වටරවුම,කොල්ලුපිටිය හන්දිය,ලිබර්ටි හන්දිය ,පිත්තල හංදිය,රතුකුරුස හංදිය,පුස්තකාල වටරවුම , ග්ලාස් හවුස් හන්දිය,නන්දා මොටර්ස් ,නිදහස් වටරවුම,නිදහස් චතුරශ්‍රය,නිදහස් මාවත,බෞද්ධාලොක මාවත මෙඩ්ලන්ඩ් පෙදෙස හන්දිය,බෞද්ධාලෝක මාවත ඔස්සේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව.

පෙරවරු 10.50 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ,බෞද්ධාලෝක මාවත,ජාවත්ත හන්දියෙන් වමට හැරී  ,ජාවත්ත පාර ,කැප්පැටිපොළ හන්දියෙන් දකුණට හැරී කැප්පැටිපොළ මාවත ඔස්සේ පොලිස් ක්ෂේත්‍ර බලකා පිටියේ හෙළි පථය.

ඉහත මාර්ග ඔස්සේ ඉන්දීය ගරු අග්‍රමාත්‍යතුමා ගමන් ගන්නා සෑම අවස්ථාවකදීම ඉහත වේලාවන් වලදී එම මාර්ග සහ අතුරු මාර්ග සම්පූණයෙන් වසා දැමීමට කටයුතු කරන අතර එක් දිසාවක හෝ වාහන ගමන් කිරීමට අවස්ථාව  ලබා නොදේ.

2017.5.11 දින ඉන්දීය ගරු අග්‍රමාත්‍යතුමා කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කැළණි පාලම පිවිසුමෙන් බේස් ලයින් පාරට පැමිණෙන තෙක් පස්වරු 5.45 සිට අධිවේගී මාර්ගයේ කටුනායක දෙස සිට කොළඹ දෙසට මංතීරුව වසා තැබේ.

එම වේලාවන්හි පෑලියගොඩ සිට කටුනායක දෙසට ගමන් ගන්නා වාහන සඳහා සැම පිවිසුමකින්ම ඇතුළු වී සාමාන්‍ය පරිදි ගමන් කළ හැකි බව පොලිසිය සඳහන් කරයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/01-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/02-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/03-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/04-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/05.jpg”]

Related posts

பெரும்பாலான பகுதிகளில் இன்றும் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

பயங்கரவாத தாக்குதலில் பாதிக்கப்பட்ட குடும்பங்களுக்கு நஷ்டஈடு

Mohamed Dilsad

இலங்கை வங்கியின் 5 ஆம் ஆண்டு புலமைப் பரிசில் விண்ணப்பம் கோரபட்டுள்ளன

Mohamed Dilsad

Leave a Comment