ව්‍යාපාරික

දුඹුරු සීනි ආනයනය නතර කිරීමට තීරණයක්

(UTV | කොළඹ) – දුඹුරු සීනි ආනයනය නතර කිරීමට උක්, ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ, මෙරට වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හය ලක්ෂයක් බවයි.

ඉන් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක් දුඹුරු සීනි බව ද ඔහු සඳහන් කළේය.

සීනි ආනයනයට වාර්ෂිකව වැය වන රුපියල් බිලියන 40 ක මුදල අඩු කර ගැනීමට මෙම වැඩපිළිවෙළින් අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.

 

 

Related posts

IIHS වෙතින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිසුන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම්

Editor O

ප්‍රථම වරට ඩොලරයේ විකුණුම් මිල රු. 187 ඉක්මවයි

Mohamed Dilsad

ආනයනික මසුන් මත අය කෙරෙන බද්ද ඉහළට

Mohamed Dilsad

Leave a Comment