දේශීය

නිරෝධායන නීති උල්ලංඝනය කළ ආයතන 1400 කට නඩු

(UTV | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් නිරෝධායන නීති උල්ලංඝනය කළ ආයතන 1400 කට එරෙහිව නඩු පවරා ඇති බව පොලිසිය සඳහන් කරයි.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය අංශ විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ රැසක් හඳුන්වාදෙනු ලැබීය.

ඒ අනුව අදාළ ක්‍රමවේද අනුගමනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව විමර්ශන සිදුකළ අතර, ඊට අදාළවයි මෙම නඩු පැවරීම් සිදුකර ඇත.

 

Related posts

හිජාස් හිස්බුල්ලාට ඇප දීම හෝ නොදීම පිළිබඳ තීරණය ලබන 07 වෙනිදාට

Mohamed Dilsad

කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කරයි

Mohamed Dilsad

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment