සේයා පුවත

බ්‍රිතාන්‍යයේ නව කොරෝනා වෛරස් ප්‍රභේදය දිවයිනේ ස්ථාන 4 කින් හඳුනා ගැනේ

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය (B.1.1.7) මෙරට ප්‍රදේශ කිහිපයකින් ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින්ගේ සාම්පල් වලින් හඳුනා ගැනීමට හැකිවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කරයි.

කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව ප්‍රදේශවලින් ලැබුණු ආසාදිතයන්ගේ සාම්පල පරීක්ෂාවෙන් මේ බව තහවුරු වී ඇත.

මෙම වෛරස් ප්‍රභේදය ලොව පුරා නව කොරෝනා රැල්ලක් ඇති කිරීමේ අවදානමක් පවතින බව බ්‍රිතාන්‍යයේ වෛද්‍ය විශේෂඥයන් ද අවධාරණය කරයි.

මේ වනවිට මෙම කොරෝනා වෛරස් ප්‍රභේදය ලොව රටවල් 50 කට පමණ පැතිරී අවසන්.

 

Related posts

මුඛ ආවරණ නොපළඳින අයට යුධ හමුදාවෙන් උපදෙස්

Mohamed Dilsad

ජනපති කටුනායක ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

පාකිස්තාන යුද හමුදාපති ජෙනරාල් ඛමාර් ජාවෙඩ් බජ්වා ශ්‍රී ලංකා යුධ හමුදාපති මුණ ගැසේ

Mohamed Dilsad

Leave a Comment