දේශීය

බදුල්ල මහ නගර සභාවේ පාලනය විශේෂ කොමසාරිස්වයෙකු යටතට

(UTV| බදුල්ල) – බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවා විශේෂ කොමසාරිස්වයෙකුගේ පාලනයට යටත් කර ඇත.

පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා සඳහන් කළේ, නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොමැති වීම හේතුවෙන් සභාව අක්‍රීය වී ඇති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

බදුල්ල මහ නගර සභාවේ පුරපතිවරයා ඇතුලු සභාව විසින් අයථා කිසිවක් කර ඇතිද යන්න මාස 03 ක් අතුළත පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා විශ්‍රාමලත් විනිසුරු එච් එම් ආර් අනුර කුමාර මහතා පත් කර ඇති බවද එම ගැසට් නිවේදනයේ සඳහන්.

 

Related posts

අද දවසේ කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයන්වලට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment