දේශීය

බදුල්ල මහ නගර සභාවේ පාලනය විශේෂ කොමසාරිස්වයෙකු යටතට

(UTV| බදුල්ල) – බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවා විශේෂ කොමසාරිස්වයෙකුගේ පාලනයට යටත් කර ඇත.

පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා සඳහන් කළේ, නගරාධිපතිවරයාට මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය නොමැති වීම හේතුවෙන් සභාව අක්‍රීය වී ඇති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

බදුල්ල මහ නගර සභාවේ පුරපතිවරයා ඇතුලු සභාව විසින් අයථා කිසිවක් කර ඇතිද යන්න මාස 03 ක් අතුළත පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා විශ්‍රාමලත් විනිසුරු එච් එම් ආර් අනුර කුමාර මහතා පත් කර ඇති බවද එම ගැසට් නිවේදනයේ සඳහන්.

 

Related posts

‘දම් මුහුණැති කළු වඳුරා’ වඳවී යාමේ තර්ජනයක

Mohamed Dilsad

අශ්ශීල ප්‍රකාශන තහනම් කරන පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය

Mohamed Dilsad

පළාත් ප්‍රධාන ලේකම්වරු කොළඹට කැඳවයි.

Editor O

Leave a Comment