ව්‍යාපාරික

කුළු බඩු අපනයනයෙන් වාර්තාගත ආදායමක්

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ වුවද පසුගිය වසර තුළ කුළු බඩු අපනයනයෙන් වාර්තාගත ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   

පසුගිය වසරේදී රුපියල් කෝටි 7000 කට ආසන්න ආදායමක් කුළු බඩු අපනයනයෙන් උපයා ගත් බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව ගම්මිරිස්, කුරුඳු, ඉගුරු සහ කහ ආනයනය නතර කිරීම හේතුවෙන් රුපියල් කෝටි 200ක ආදායමක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබී ඇත.

මීට අමතරව, ශ්‍රී ලංකා තේ සඳහා භූගෝලීය දර්ශකයක් සහිත විද්‍යාත්මක සහතිකයක් නිකුත් කිරීමට අදාළ නියමු ව්‍යාපෘතියක් සඳහා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, අද අවබෝධතා ගිවිසුමකට එළඹෙන බව පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා ප්‍රකාශ කර ඇත.

ඔහු කියා සිටියේ ප්‍රමිතියෙන් තොර තේ මෙරට තේ සමඟ මිශ්‍රකර සිලෝන් ටී නාමයට හානිවන ලෙස කටයුතු කරන අවස්ථා සම්බන්ධයෙන් විද්‍යාත්මකව තහවුරු කර ගැනීමට එතුළින් හැකිවන බවයි.

Related posts

ලොකු ළූණු වලට උපරිම සිල්ලර මිල

Mohamed Dilsad

”ස්කයිප්” වසා දැමීමේ තීරණයක්

Editor O

හෙට සිට බිත්තර මිල පහළට

Mohamed Dilsad

Leave a Comment