ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතය එළඹෙන 5 වනදා නම් කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචාරය සඳහා වන සංචිත, ඉදිරියේදී පත් කිරීමට නියමිත නව තේරීම් කමිටුව විසින් නම් කිරීමට නියමිතව ඇත.

ලබන 5 වනදා එම නම් කිරීම සිදුකරන බව ඩේලි එෆ්.ටී. වාර්තා කරයි.

පෙර පැවැති තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 35 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් අදාළ තරඟ සංචාරය වෙනුවෙන් නම් කර තිබූ අතර , ඔවුන් ඊයේ (01) දිනයේ සිට පුහුණුවීම් ද ආරම්භ කළ බව සඳහන්.

කොදෙව් තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3 ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතය.

 

Related posts

LPL-2020 තරඟාවලිය COVID19 කාර්ය සාධක බලකායේ අවසරය

Mohamed Dilsad

ජයගත් සිංහයන් ඕස්ට්‍රේලියාවේදී සිංහලෙන් කළ කතාව(වීඩියෝව)

Mohamed Dilsad

බංගලාදේශයට කාසියේ වාසිය

Mohamed Dilsad

Leave a Comment