දේශීය

ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට ආදාළව අගමැතිගෙන් විශේෂ උපදෙස්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආර්ථික අපහසුතා ඇති විදෙස්ගත ලාංකිකයින් රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ, ඒ අනුව ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවෙන් 50 % ක් රජය මගින් දැරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු පාර්ශව වෙත දැනුම් දී ඇති බවයි.

අනිකුත් ලාංකිකයින්ට මෙරටට පැමිණීමට සහන මිල ගණන් යටතේ ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත.

එහිදී වැඩිදුරටත් උපදෙස් දෙමින් අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පැමිණෙන ලාංකිකයින්ගේ නිරෝධායන කාලසීමාව සංශෝධනය සම්බන්ධයෙන් ද, අවධානය යොමු කරන ලෙසයි.

PCR පරීක්ෂණ අනුව කොරෝනා ආසාදනය වී නොමැති පුද්ගලයින් නිවෙස් නිරෝධායනයේ තැබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග එක්ව හැකි සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දී තිබේ.

 

 

Related posts

නිරෝධායන නීති කැඩූ තවත් 26 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 88කට ඇප තැන්පත් කරයි

Editor O

අමෙරිකාවට යන්න අවස්ථාව මෙන්න

Mohamed Dilsad

Leave a Comment