දේශීය

ඊයේ ආසාදිතයන් 843 න් 480 ක්ම කොළඹින්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තවූ කොවිඩ් ආසාදිතයන් 843 දෙනා අතුරින් අඩකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. එම සංඛ්‍යාව 480 ක්.

මීට අමතරව ගම්පහින් 86 ක් , කලුතර 72 ක් , ගාල්ලේ 40 ක් , මහනුවර 35 ක් සහ මාතර 17 ක් ඊයේ ආසාදිතයන් අතර විය.

අම්පාරේ 16 ක් , පුත්තලමේ 14 ක් , ත්‍රිකුණාමලයේ 13 ක් , රත්නපුර 12 ක් , බදුල්ලේ 09 ක් , පොළොන්නරුවේ 08 ක් ,වව්නියාවේ 06 ක් , කෑගල්ලේ 06 ක් , මාතලේ 05 ක් ,මොණරාගල 04 ක් සහ කුරුණෑගල 04 ක් ඊයේ වාර්තාවූ ආසාදිතයන් අතරට අයත් වේ.

 

Related posts

අදත් දිවයින පුරා වැසි

Mohamed Dilsad

නව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය සඳහා බහු පාර්ශ්වීය සාකච්ඡාවක්

Editor O

මෙවර පොසොන් පොහොය නිවසට වී වත්පිළිවෙත්වල යෙදෙන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment