විදෙස්

බ්‍රිතාන්‍යයේ නව වෛරස් ප්‍රභේදය මාරාන්තිකයි – බ්‍රිතාන්‍ය අගමැති

(UTV| බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයෙන් සොයා ගැනුණු නව කොරෝනා වෛරස් ප්‍රභේදය වඩා මාරාන්තික බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ නව ප්‍රභේදය පළමු වරට එරටින් පසුගිය සැප්තැම්බර් මාසයේදී හඳුනා ගැනීමෙන් පසු වාර්තාගත මරණ සංඛ්‍යාවක් සිදුව ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය 60 කට වැඩි රටවල් සංඛ්‍යාවක ව්‍යාප්තව පවතියි.

එම නව ප්‍රභේදය වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කෙරෙන අතර මරණ අනුපාතය ඉහළ යාමට ද එහි සම්බන්ධතාවක් ඇති බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

 

 

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ලොව මිටිම මිනිසා මිය යයි

Mohamed Dilsad

ලොව පුරා ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment