දේශීය

ශානි අද පාස්කු කොමිසම හමුවට

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා පත්කල ජනාධිපති කොමිසම රැස්වන අවසන් දිනය අදයි.

අද දිනයේ ශානි අබේසේකර මහතා සහ මාධ්‍යයට විවෘත නොවන සාක්ෂිකරුවන් දෙදෙනෙක් කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතව ඇත.

කොවිඩ් වෛරසය වැළදීම හේතුවෙන් ශානි අබේසේකර මහතාට මීට පෙර දිනවලදී කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට නොහැකිවූ නිසා ඔහු කොමිසම හමුවට පැමිණෙන පළමු අවස්ථාව මෙය වෙයි.

එමෙන්ම මෙම මස 31 වනදායින් පසු පාස්කු කොමිසමේ කාලය අවසන් වීමට නියමිතය.

 

Related posts

බොරැල්ලේදී බස් රථයක් සහ ගිලන් රථයක් එකිනෙක ගැටෙයි

Mohamed Dilsad

දිවයිනේ සියලුම ළමා නිවාසවලට සතොසින් වියළි ආහාර ද්‍රව්‍ය

Mohamed Dilsad

ඇමරිකාවෙන් පැනවෙන සැබෑ බද්ධ සියයට 58%ක්…?

Editor O

Leave a Comment