ගොසිප්

රවී කරු පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට සුදානම්

(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂ උප නායක ධුරයෙන් ඉවත් කළ රවි කරුණානායක ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් තිදෙනකු  සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමග සම්බන්ධ වී පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට තීරණය කර තිබේ.

හිටපු කථානායක කරු ජයසූරියගේ ප්‍රධානතත්වයෙන් මෙම දේශපාලන ව්‍යාපාරය ගෙන යන බව වාර්තා වේ.

රවි කරුණානායක සමග එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති අර්ජුන රණතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්නද මීට එක්ව සිටිති.

මෙම පුළුල් දේශපාපලන ව්‍යාපාරය පිළිබඳව මෙම පිරිස සහ හිටපු කථානායක කරු ජයසූරිය අතර විශේෂ සාකච්ඡාවක් අද (17 වැනිදා) පැවැත්වීමට නියමිත බවයි වාර්තා වේ.

මාධ්‍යවේදීන් කැඳවා නව දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ලබන 26 වැනිදා කරුණු ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

දැනට රජය විවේචනය කරන ආගමික නායකයන්, සිවිල් ක්‍රියාකාරින්ද මෙම ව්‍යාපාරයට දායක කර ගැනීමට සුදානමින් සිටියි.

කෙසේ වෙනත් රවි කරුණානායක පක්ෂයේ මහ ලේකම් ධුරය ඉල්ලා සිටීම උප නායකත්වයෙන් ඉවත් කිරීමට බලපෑ ආසන්නතම හේතුව බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ප්‍රථම මහ ලේකම් ධුරය තමන්ට අවශ්‍ය බව රවි කරුණානයක දැනුම් දී තිබුණි.

Related posts

කෘත්‍රිම ශාරීරාංග සමගින් අභ්‍යවකාශයට පිවිසෙන පළමුවැනි ගගනගාමියා

Mohamed Dilsad

“මොළ 7ක් නෙමෙයි මොළ 14ක් තිබුණත් මේ අර්බුදයෙන් ගොඩ යාම අපහසුයි”

Mohamed Dilsad

රතන හිමි දේශපාලනයෙන් සමුගනී..

Mohamed Dilsad

Leave a Comment