දේශීය

ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනෙක් නිදහස්

(UTV |මඩකලපුව) – පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවේ චූදිතයන් පස් දෙනා නිදොස් කොට නිදහස් කරයි.

ඊට අදාල නියෝගය මඩකලපුව මහාධිකරණය විසින් අද(13) නිකුත් කළේය.

ඒ මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී. සුසෙයිදාසන් විසිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව පසුගිය 11 වනදා නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන්නේය.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් 2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයකදී ඝාතනයට ලක්වුණි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ 2015 වසරේ ඔක්තෝම්බර් මස 09 වැනිදාය.

පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු පසුගිය වසරේ නොවැම්බර් 24 වනදා ඇප මත මුදා හැරුණි.

Related posts

හිමි නොවූ අය හට මුදල් ප්‍රතිලාභ ලබා දීම අද සහ හෙට

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ බලය තීන්දු කරන දිනය මෙන්න

Editor O

ඝෝෂාකාරී වාදනයන් සිදුකරන බස්රථවලට අද සිට වැඩ වරදියි

Mohamed Dilsad

Leave a Comment