දේශීය

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 13 සහ 15 යන දෙදින PCR පරීක්ෂණ

(UTV | කොළඹ) – සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට යොමුවන ලෙස දැනුම් දී තිබෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ් අනුව හෙට (13) සහ ලබන 15 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කර ඇති බ වද, ඔහු ප්‍රකාශ කළේය.

වේත්‍රධාරීවරයා සඳහන් කළේ, එම දිනවලදී මන්ත්‍රීවරුන්, කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට PCR පරීක්ෂණවලට සහභාගී විය හැකි බවයි.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව ද පාර්ලිමේන්තුව සඳහන් කළේය.

 

 

Related posts

ජනකගෙන් ඇමති කංචන ට සැර පිළිතුරක්

Mohamed Dilsad

අදත් ගුරුවරුන් ඔන්ලයින් වර්ජනයේ

Mohamed Dilsad

අභිරහස් ලෙස මිය ගිය තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment