දේශීය

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

(UTV |කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි.

අද පස්වරු 2ට නිකුත් කළ මෙම නිවේදනය ලබන 11 වනදා පස්වරු 2 දක්වා වලංගු වන බව එම නිවේදනයේ දැක්වේ.

මේ අනුව ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වය වැඩිවීමක් බලාපොරොත්තු වේ.

උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වඩා තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට එරෙහිව ගොනු කළ පෙත්සමක් නොවැම්බර් 04 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

Editor O

විදුලි කප්පාදුව ගැන තීරණයක්

Editor O

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?

Mohamed Dilsad

Leave a Comment