ගොසිප්

වසර අවසානයේ සාද සහ ප්‍රසංග ගැන අනතුරු ඇගවීමක්

(UTV |කොළඹ ) – නව වසර උදාවත් සමග පවත්වනු ලබන උත්සව හා සාද පසුගිය වසරවල මෙන් සිදුනොකරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් ඉදිරි දිනවල කොවිඩ් ආසාදිත පොකුරු ඇති වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ,“ඉදිරි දවස් දෙක තුළ අලුත් අවුරුද්ද උදාවීමත් සමගම නොයෙක් විදියේ උත්සව හා සාද පවත්වන කාලයක්. නමුත් තවදුරටත් අපේ රට තුළ කොවිඩ් 19 රෝගීන් දිනපතා සිය ගණනක් වාර්තා වන විට සාද හා උත්සව වෙනදා වගේ අපිට පැවැත්වීමේ අපහසුවක් තියෙනවා. අපි දැක්කා පහුගිය දවස්වලත් නොයෙක් අවස්ථාවල දී රෝගීන් පොකුරු වාර්තාවීමට ප්‍රධානතම හේතුව වුණේ විවිධ ආකාරයේ උත්සව. ඒ වගේ අවස්ථාවල දී ආසාදිතයෙක් හිටියොත් බොහෝම වේගයෙන් ඒ වගේ අවස්ථාවලදී පැතිරීමේ අවධානම තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ දී අලුත් අවුරුද්ද සැමරිය යුත්තේ අලුත් ආකාරයකට, කොවිඩ් රෝගය බෝ නොවන ආකාරයකටය”.

Related posts

එන්නත ලබා ගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතුරු ආබාධ

Mohamed Dilsad

57,600 කට ඡන්ද පත්‍රිකාවත් එපා වෙයි

Mohamed Dilsad

දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් වසා දමයි

Mohamed Dilsad

Leave a Comment