දේශීය

සෞඛ්‍ය නීති කඩන බස් රථ ගැන ඉදිරියේදී වැඩි අවධානයක්

(UTV |කොළඹ) – ඉදිරි දිනවල සෞඛ්‍ය නීති කඩන පොදු ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

මේ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඒ සඳහා යොදවා තිබේ.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් ධාවනයේ යෙදුණු බස් රථ 50 ක පමණ ධාවන බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවද වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කරයි.

Related posts

කෝපා සභාපති ධුරය මහාචාර්ය තිස්ස විතාරණට

Mohamed Dilsad

බෝතල් කටු ඇනුණු දරුවෙකු මරුට

Mohamed Dilsad

අප්‍රේල් 3 වනදා සිට විශ්‍රාම වැටුප් හා මාසික වැඩිහිටි දිමනා නිවසටම

Mohamed Dilsad

Leave a Comment