ක්‍රීඩා

විරාත් කෝලිට ICCයෙන් සම්මාන දෙකක්

(UTV |ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දශකයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී

එසේම ඔහු දශකයේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කර තිබේ.

ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත් දශකයේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස තෝරා ගෙන ඇත.

එමෙන්ම දශකයේ විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රසීඩ් ඛාන් විසින් දිනා ගැනීමට සමත් විය.

දශකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය සුරැකීම වෙනුවෙන් පිරිනැමෙන සම්මානය හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් දිනාගෙන ඇත.

කාන්තා ක්‍රිකට් සඳහා පිරිනැමෙන දශකයේ එක්දින සහ විස්සයි ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ඔස්ට්‍රේලියාවේ එලිස් පෙරී විසින් දිනා ගැනීමට සමත් වුවාය.

Related posts

ද. අප්‍රිකාව – ශ්‍රී ලංකාව : තීරණාත්මක දෙවන තරගය අදයි

Mohamed Dilsad

හෙට තරඟයට එන ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්න

Mohamed Dilsad

LPL තරඟාවලිය සඳහා නම්කර ඇති විදෙස් ක්‍රීඩකයන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment