දේශීයව්‍යාපාරික

ලබන වසරේ සිට ආනයනය කරන ඇඳුම් සඳහා බද්දක්

(UTV | කොළඹ) – ආනයනය කරන නිමි ඇඳුම් සඳහා ලබන වසරේ අප්‍රේල් මස 01 වනදා සිට විශේෂ බද්දක් අය කිරීමට කටයුතු කරන බව බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

“අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ලංකාවට පිටරටින් ගේන නිමි ඇඳුම් සඳහා අපි විශේෂ බද්දක් හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දේශීය නිමි ඇඳුම් ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගැනීම. තත්ත්වයෙන් බාල නිමි ඇඳුම් ලංකාවට ගෙනඒම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. රුපියල් 200 මිල රුපියල් 450 දක්වා විතර වැඩි වෙන බදු ක්‍රමයක් තමයි බලාපොරොත්තු වෙන්නේ,”යනුවෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

 

Related posts

නුවරඑළියේ ප්‍රදේශයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

ATM කොල්ලකරුවන් අල්ලයි

Mohamed Dilsad

කටුපොල් වගාව ලංකාවෙන් තුරන් කිරීමේ කටයුතු ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment