Trending News

‘දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩවර්ජනවල නිරත වීම කනගාටුවට කරුණක්’ජනපති

(උදයම්,කොළඹ)  – සයිටම් ගැටලූව විසදීමට තීන්දු තීරණ රැසක් ගෙන ඇති අවස්ථාවක දේශපාලන න්‍යාය පත්‍ර අනුව කටයුතු කරමින් ඇතැම් පිරිසක් වැඩවර්ජනවල නිරත වීම පිළිබදව තමා දැඩි කණගාටුව පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද පෙරවරුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී සියලූ වෛද්‍ය පීඨ සිසුන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ, දේශපාලන අතකොලූ බවට පත් නොවී තමන්ගේත් රටේත් අනාගතය වෙනුවෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නා ලෙසය.

රටේ අධ්‍යාපනයේදී කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

දේශපාලන අවශ්‍යතා අනුව සිදුකෙරෙන මෙම වැඩවර්ජන තුළින් පීඩාවට පත්වන්නේ රටේ අහිංසක පොදු මහජනතාව බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ගැටලූවක් ඇත්නම්  ඕනෑම වෘත්තීය සමිතියකට රජය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව පවතින බව කියා සිටියේය.

සයිටම් පෞද්ගලික විද්‍යාලය පිළිබද මතුවූ ගැටලූ රැසකට රජය මේ වනවිට විසදුම් ලබාදී තිබෙන අතර අදාළ සිසුන් සදහා සායනික පුහුණුව අනිවාර්ය කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කරන පරීක්ෂණයකට අනිවාර්යයෙන් පෙනී සිටීම, වෛද්‍ය උපාධියක අවම සුදුසුකම් නිවේදනය කිරීම, අදාළ පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීම, තනි පුද්ගලයෙකු සතුව තිබූ ආයතනය සාමුහික ව්‍යාපාරික අයතනයක් බවට පත්කිරීම, ආයතනයේ පරිපාලනය පාලක මණ්ඩලයක් යටතට පත් කිරීම ඇතුළු පියවර රැසක් මේ යටතේ ගෙන ඇති බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

Related posts

Eight dead in massive India caste protests

Mohamed Dilsad

கர்ப்பத்தின் பிறகு நிச்சயதார்த்தம் செய்த நடிகை

Mohamed Dilsad

Trump pledges unity at concert prior to inauguration

Mohamed Dilsad

Leave a Comment