විදෙස්

ඇන්ටාර්ක්ටික් මහද්වීපයටත් කොරෝනා ව්‍යාප්ත වෙයි

(UTV| චිලී රාජ්‍යය) – කොරෝනා වෛරසය මේ වන විට ඇන්ටාර්ක්ටික් මහද්වීපයටද පැතිර ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට සියලුම මහද්වීපවලින් කොවිඩ් ආසාදිතයන් හමුවී ඇති බව විදෙස් වාර්තා තහවුරු කරයි.

ඇන්ටාර්ක්ටික් මහද්වීපයේ පිහිටා ඇති චිලී රාජ්‍යයට අයත් හමුදා මධ්‍යස්ථානයක සිටි 36 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට හඳුනාගෙන ඇති අතර , ඉන් 26 දෙනෙකුම කාන්තාවන් වෙයි.

මෙම මධ්‍යස්ථානය වෙත සැපයුම් ද්‍රව්‍ය රැගෙන ගිය නෞකාවක සිටි නාවික සෙබලුන් 03 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බව දින කිහිපයකට පෙර තහවුරු විය.

ඒ අනුව සිදුකල පරීක්ෂාවලදී මෙම පිරිස ද හඳුනාගෙන ඇත.

මීට අමතරව , මහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන ට්‍රක් රථ රියදුරන්ට නැවතත් සිය රටට ඇතුලුවීමට අවසරදීමට ප්‍රංශය තීරණය කර තිබේ.

කෙසේවෙතත් අදාළ ට්‍රක් රථ රියදුරන්ට කොවිඩ් වෛරසය නොමැති වීම අනිවාර්ය වනු ඇත.

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය හේතුවෙන් එරට සමග වන දේශ සීමා වසා දැමූ එක් රටක් වන්නේ ප්‍රංශයයි.

 

Related posts

කාබුල් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට

Mohamed Dilsad

ඉන්දියාව පළමුවරට තලේබාන් සංවිධානය සමඟ රාජතාන්ත්‍රික සාකච්ඡාවක

Mohamed Dilsad

ඩුබායි – අජ්මාන් ප්‍රදේශයේ හටගත් දැවැන්ත ගින්න මැඩපවත්වයි

Mohamed Dilsad

Leave a Comment