විදෙස්

භූ කම්පනයකින් නව දිල්ලියට බලපෑම්

(UTV |ඉන්දියාව) – ඉන්දියාවේ දිල්ලි හි භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම භූ කම්පනය රිච්ටර් මාපාංක 4.2ක් ලෙස සටහන් ඇති බවයි.

භූ කම්පනය සිදුවීමත් සමඟ දිල්ලි ජනතාව මහත් භීතියට පත්ව තිබේ.

මෙම කම්පන තත්වය දිල්ලියේ ගුර්ගෝන්, ගසියාබාද් සහ නොයිඩා යන ප්‍රදේශවලට දැනී ඇති බවඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

නමුත් මෙම භූ කම්පනයෙන් කිසිදු දේපළ හෝ පුද්ගල හානියක් මෙතක්  වාර්තා වී නොමැත.

අප්‍රේල් මාසයේ සිට මේ දක්වා ඉන්දියාවේ දිල්ලිය ආශ්‍රිතව භූ කම්පන 20ක් පමණ සිදුව ඇත.

Related posts

ඉන්දියාවේ සහයෝගය ලංකාවට වාසි අයුරින්

Mohamed Dilsad

දියවදියාව සුව කිරීමට ස්මාට් ජංගම දුරකතන යොදා ගනීද?

Mohamed Dilsad

ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍යට ගිය 35 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment