දේශීය

මෙරට කොවිඩ් මරණ ගැන අනාවරණයක්

(UTV |කොළඹ) – මේ වනවිට මෙරටින් කොවිඩ් මරණ 160ක් වාර්තා වී තිබෙනබේ.

ඉන් 117ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

මෙරට සිදුවී ඇති කොවිඩ් මරණ ගැන සැලකීමේදී වෛරසය ආසාදනය වී මියගිය 160 දෙනාගෙ‍න් 04 දෙනෙකු වයස අවුරුදු 30ට අඩුය.

අවුරුදු 31 ත් 40ත් අතර වයස්වල පසුවූ 04 දෙනෙකුත් වයස 41ත් 50ත් අතර වයස්වල පසුවූ 20 දෙනෙකුත් අවුරුදු 51ත් 60ත් අතර වයස්වල පසුවූ 28 දෙනෙකු මිය ගිය ගොස් තිබේ.

අවුරුදු 61ත් 70ත් අතර වයස්වල පසුවු 32 දෙදෙනෙකු සහ මියගිය 70 දෙනෙකුම වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයන්වීම කැපී පෙනේ.

ඒ ඒ දිස්ත්‍රික්ක වලින් වාර්තා වූ කොවිඩ් මරණ,

ගම්පහ – 15
කළුතර – 11
පුත්තලම – 05
කුරුණෑගල – 04
මාතර – 02
මාතලේ -01
මහනුවර -01
නුවරඑළිය -01

පදිංචි ප්‍රදේශය හඳුනානොගත් එක් මරණයක් හා බන්ධනාගාරවලින් වාර්තා වූ මරණ දෙකක්ද මේ අතරට අයත් වේ.

මෙම කොවිඩ් මරණ 160 න් 98 ක්ම රෝහල්වලදී සිදුවූ මරණ වන අතර නිවෙස්වලදී හෝ රෝහල් වෙත ඇතුළත් කරන අවස්ථාවේදි වාර්තා වු මරණ ගණන 62කි.

Related posts

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

Editor O

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

Mohamed Dilsad

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවදුරටත් බැදුම්කර වෙළඳපොල තහනම්

Mohamed Dilsad

Leave a Comment