දේශීය

කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් කරයි

(UTV |කොළඹ) – කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වන ඇමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් තැබිණි.

අද (17) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී ඊට අත්සන් තැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

LOLC සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් අතර මෙම ගිවිසුම අත්සන් තැබිණි.

ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මූලික අයෝජනයෙන් සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ක අපේක්ෂිත සමස්ත ආයෝජනයකින් සම්පූර්ණ වන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික, නේවාසික සහ සංචාරක ගමනාන්තය බවට පත්වනු ඇත.

 

Related posts

ඇමති ධුර බෙදී ගිය ආකාරය ජනපති පහදයි[PHOTO]

Mohamed Dilsad

තැපැල් ඡන්දය ලබන 26දා තැපෑලට

Editor O

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන 176 ක්

Mohamed Dilsad

Leave a Comment