දේශීය

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මනව පාසල් ලබාදීම සිදුවන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2021 වර්ෂයේ 6 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ට නව පාසල් ලබාදීමේ වැඩසටහන ප්‍රථමවරට මාර්ගගත ක්‍රමයට සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහි සමාරම්භය අද (10) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙවර ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවා සමත් වූ සිසුන්ට නව පාසල් අයදුම් කිරීමට අදාළ අයදුම්පත් මේ වනවිට දෙමව්පියන් වෙතින් කැඳවා ඇති අතර, ඒ අනුව, සිසුන් අයදුම් කර ඇති පාසල්වල නම් ඇතුළු  අදාළ අයදුම්පත්වල සඳහන් අනෙකුත් තොරතුරු දත්ත පද්ධතියට එක් කිරීම විදුහල්පතිවරුන් විසින් සිදුකරනු ලැබේ.

අද සිට දෙසැම්බර් මස 24 වැනි දා දක්වා කාලය ඇතුළත සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් සියලු විදුහල්පතිවරුන්ට මෙම දත්ත ඇතුළත් කිරීමේ කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇත.

Related posts

අද සිට දුම්රියේ වෙන්කළ ආසන ප්‍රවේශපත්‍ර පරීක්ෂාවට

Mohamed Dilsad

රෝහින්ග්‍යා සරණාගතයන් ගැන තීරණයක්

Editor O

කොරෝනා මැඩලීමට මිලියන 105 ක පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment