දේශීය

ශ්‍රී ලංකා නාවික හමුදාවට අදට වසර 70 සපිරෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාවට අද දිනට වසර 70ක් සපිරෙයි.

”රට වට බැඳි රන් පවුරක්” තේමාවෙන් සිලෝන් රෝයල් නේවී පිහිටවූයේ 1950 දෙසැම්බර් 9 වැනිදා ය.

1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවත් සමග සිලෝන් රෝයල් නේවී නම ඉවත් කර ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙසින් එය හැඳින්වීම ආරම්භ කළේය.

1950 දෙසැම්බර් මස 09 වන දින නාවික පණතේ 358 වන වගන්තිය සම්මත කර ගත් අතර ප්‍රථම රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙස කපිතාන් ඩබ්.ඊ. බෑන්ක් වසරක කාලයකට පත්වූ අතර අනතුරුව කපිතාන් ජේ.ආර්.එස්. බ්‍රවුන්, කොමදෝරු ජී.එම්.බී. චාවාස් එම පදවියට පත් වූවා.

පළමු ශ්‍රී ලාංකික නාවික හමුදාපති වීමේ වාසනාව හිමිවූයේ රියර් අද්මිරාල් ජී.ආර්.එම්. ද මෙල් මහතාටයි.

ඉන්පසු රියර් අද්මිරාල් ආර්. කදිරගාමර්, රියර් අද්මිරාල් ඩී.වී. හන්ටර් නාවික හමුදාපති ධුරය හෙබවූවා.

1983 වසරේ සිට දේශයේ භෞමික අඛණ්ඩතාවය මෙන්ම රටේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමේ උදාර ප්‍රයත්නයේදී දේශයේ නාමයෙන් තම පන නළ පූජා කළ නාවික විරුවන් අතර අද්මිරාල් ඩබ්.ඩබ්.ඊ.සී. ප්‍රනාන්දු හිටපු නාවික හමුදාපති ඇතුළු නාවික විරුවන්ගේ ගණන 1181කට අධිකයි.

 

Related posts

කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂාව තරකරයි

Mohamed Dilsad

ජනාධිපති අනුරගෙන්, ඉන්දියානු අගමැති මෝදි ට, රාත්‍රී රාජ භෝජන සංග්‍රහයක් : මාලිමාවේ මැති ඇමති පිරිවරත් එයි

Editor O

එක්දින ජයත් රාජකීයන් අතට

Mohamed Dilsad

Leave a Comment