ගොසිප්

නංගී අතින් අයියා ඝාතනය වෙයි

(UTV | කළුතර) – කොරෝනා ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින හෙයින් තවමත් හුදෙකලා කරන ලද බණ්ඩාරගම, අටළුගම, බමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක සහෝදරිය සිය වැඩිමහල් සහෝදරයාට ඊයේ (06) තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.

දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග ගොස් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව ද සඳහන්.

වයස අවුරුදු 31ක විවාහක පුද්ගලයෙක් මෙලෙස සිය සහෝදරිය අතින් ඝාතනයට ලක් වී ඇත.

අදාළ සැකකාර තරුණිය විසින් අයියාගේ යටිබඩ ප්‍රදේශයට කතුරකින් ඇණ ඇති බව ද වාර්තාවල සඳහන්.

 

Related posts

ඝාතකයින් ඇතුළට..ඇත්ත කියපු රන්ජන් එළියට -පාර්ලිමේන්තුව දැඩි නොසන්සුන් [VIDEO]

Mohamed Dilsad

ඉරජ්ට ලැබුණු නව තනතුර

Mohamed Dilsad

රාජකාරී දිවියෙන් සමුගැනීමට සැරසෙන මැකො [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment