දේශීය

හිටපු අමාත්‍ය ටී.බී.ඒකනයක මහතා අභාවප්‍රාප්ත වෙයි.

(UTV |කොළඹ ) – හිටපු අමාත්‍ය ටී.බී.ඒකනයක මහතා අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඒ මහතා 66 වන වියේ පසු විය.

කලක්  අසනීප තත්ත්වයේ පසුවූ ඔහු කුරුණෑගල සමූපකාර රෝහලේදී මිය ගොස් තිබේ.

ඔහු මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 1994 වර්ෂයේදීය.

ඉන්පසුව සංස්කෘතික හා කලා කටයුතු කැබිනට් අමාත්‍ය ධුරයේ මෙන්ම සංස්කෘතික, මහාමාර්ග, රාජ්‍ය පරිපාලන, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරවල ද ඒ මහතා කටයුතු කළේය.

එසේම 2015 මැතිවරණයෙන් ජය ගෙන ඉඩම් රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ ඔහු 2020 මහ මැතිවරණය ජයගැනීමට ඔහුට නොහැකි විය.

Related posts

රජය, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියකින් රු. මිලියන 97,000ක ණයක් ගනී.

Editor O

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනය කෙරේ

Mohamed Dilsad

ලපයි – සිපයි කිව්වේ කාටද….? පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයක්

Editor O

Leave a Comment