දේශීය

හෙට සිට බස් ගමන් ආරම්භයේ වෙනසක්

(UTV |කොළඹ) – හෙට (07) සිට සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් රථ දෙකක් ධාවනය කෙරේ.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ විශේෂයෙන් පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් හීදී අදාළ ගමන්වාර මෙම ක්‍රමවේදයට අනුව බස් රථ දෙකක් ධාවනයේ යෙදවීම සඳහා ප්‍රවාහන අධිකාරියට උපදෙස් ලබා දී ඇති බවය.

මගීන් අසුන්වල පමණක් ප්‍රවාහනය කිරීම සඳහා පසුගිය කාලයේ බස්රථවල යම් ගාස්තු සංශෝධනයකුත් කලද ඇතැම් සමහර මාර්ගවල අධික ලෙස මගීන් රැගෙන යන බවට තවමත් පැමිණිළි ලැබෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය.

මේ නිසා අපි ලිඛිතව දැනුම්දීලා ඇත්තේ එවැනි බස්රථ වහාම අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියේය.

එසේම සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් දෙකක් ධාවනය කිරීමට හෙට සිට පියවර ගන්න බවද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Related posts

මෙරට PCR පරීක්ෂණ 66,000 ඉක්මවයි

Mohamed Dilsad

එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සමගි ජනබලවේගයට එක් වෙයි.

Editor O

බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළ දැමීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment