ගොසිප්

දකුණේ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම වැඩි වෙයි

(UTV | දකුණ) – කොරෝනා ආසාදිත වූ 16 දෙනකු දකුණු පළාතෙන් අලුතින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව දකුණු පළාතෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 297 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 186ක් මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 79 ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 32ක් වශයෙනි.

අලුතින් වාර්තා වූ ආසාදිතයන් 16 දෙනාගෙන් ආසාදිතයන් 09 දෙනෙක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 06 දෙනෙක් මාතර දිස්ත්‍රික්කයෙන් ද එක් ආසාදිතයෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇත.

 

Related posts

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ දස්කම් පාන ලිමන්සා තිලකරත්න [PHOTOS]

Mohamed Dilsad

මම සියදිවි නසා ගැනීමට පවා සිතුවා – මේගන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Mohamed Dilsad

“එක රටක්, එක නීතියක්” – ඥානසාර හිමියෝ පහදති

Mohamed Dilsad

Leave a Comment