දේශීය

ඊයේ ආසාදිතයින් අතරින් කොළඹ මහ නගර සභාවේ සේවකයන් 49 ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 628 දෙනා අතුරින් 402 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඉන් 104 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් වන අතර, දෙමටගොඩ ප්‍රදේශයෙන් 52 දෙනෙකු ද වෙයි.

මීට අමතරව කොළඹ මහ නගර සභාවේ සේවකයන් 49 ක්ද ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් අතරට අයත් වෙයි.

මේ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 10,542 ක්.

 

Related posts

අමාත්‍ය වසන්ත සමරසිංහට එල්ල වී ඇති, වත්කම් චෝදනා ගැන, ඔහු විසින් පිළිතුරු දිය යුතුයි – රවී කරුණානායක

Editor O

ජපානයෙන් ශ්‍රී ලාංකිකයින්ට දොර වසයි

Mohamed Dilsad

ගල්කිස්ස පොලිස් ස්ථානාධිපති මාරු කර, සාමාන්‍ය රාජකාරි සඳහා යොදවයි

Editor O

Leave a Comment