දේශීය

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරයට කුෂානි රෝහණධීර

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරය සඳහා කුෂානි රෝහණධීර මහත්මිය පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එම ධූරයේ කටයුතු කළ නීල් ඉද්දවල මහතා පසුගියදා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස දිවුරුම් දුන් අතර ඒ හේතුවෙන් පුරප්පාඩුවූ නියෝජ්‍ය මහලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට රෝහණධීර මහත්මිය පත්කරනු ලැබ ඇත.

රෝහණධීර මහත්මිය ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන හරිගුප්තා රෝහණධීර මහතාගේ බිරිඳ වන අතර ඇය 2012 වසරේ සිට පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරිය ලෙස කටයුතු කළාය.

 

Related posts

නාවික හමුදාව විසින් මැනිං වෙළඳපොළ විෂබීජහරණය කරයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 113ක්

Mohamed Dilsad

ඉම්රාන් ඛාන්ගෙන් කුඩා දරුවෙකු සිදුකළ සංවේදී ආයාචනය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment