දේශීය

මහර ගැටුමෙන් තුවාල ලැබුවන් හෙළි කෙරේ

(UTV |කොළඹ) – පසුගිය 29 වන දා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

එම මියගිය රැඳවියන් 11 දෙනාගෙන් 8 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රාගම ශික්ෂණ රෝහල අද (02) තහවුරු කළේය.

ඉන් 8 දෙනෙකුටම කොවිඩ් ආසාදනය වී තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණය සමඟ ඊයේ (01) සිදුකළ PCR පරීක්ෂණවලින් තහවුරු වූ බව රාගම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.

තුවාල ලබූ රැඳවියන්ගෙන් 38 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවද හඳුනාගැනුණි.

තුවාල ලැබූ 106 දෙනෙකු අතරින් 28 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුළු තුවාලකරුවන් රෝහලෙන් පිටත් කර තිබේ.

මහර බන්ධනාගාරයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේය.

මේ අතර මෙම ගැටුමෙන් තුවාල ලබා ඇති රැඳවියන්ගේ තොරතුරු හැකි ඉක්මණින් දෙන බවට බන්ධනාගාර බලධාරීන් එම මන්ත්‍රීවරුන්ට පොරොන්දු විය.

එමෙන්ම රැඳවියන්ගේ ඥාතීන් අදත් මහර බන්ධනාගාරය අසලට රැස්ව සිටියේ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන්ගේ අනන්‍යතාවය හෙළිකරන ලෙස බල කරමිනි.

පසුව පොලීසිය එහි පැමිණ ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන්ගේ නම්  ප්‍රකාශ කළේය.

මේ අතර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යධුරය සඳහා පත්කෙරුණු ලොහාන් රත්වත්තේ මහතා අද ජනාධිපතිවරයා ඉදිරියේ එම ධුරයේ දිවුරුම් දුන්නේය.

ඉන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියේය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා සිරදඬුවම් විඳින රැඳවියන් මුණගැසුණු අවස්ථාවේ දී ගැටුම පිළිබඳ තොරතුරු හෙළිකළේය.

Related posts

රට පුරා සිදුවන ඝාතන රැල්ල වහා නතර කිරීම ආණ්ඩුවේ වගකීමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

නැව් භාණ්ඩ මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට නව ක්‍රියා පටිපාටියක්

Mohamed Dilsad

ජනාධිපති කාර්ය සාධක බලකායට සම සභාපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment