දේශීය

මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණවලින් 81 ක්ම කොළඹින්

(UTV | කොළඹ) –  කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 109 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කොවිඩ් 19 වෛරසය ආසාදිතව සිදුවූ සමස්ත මරණ 109 න් 81 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්ය.

දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාව වර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 13 කි.

කළුතරින් 06 ක්, කුරුණෑගලින් 04 ක්, පුත්තලමෙන් 03 ක්, නුවරඑළියෙන් එක් මරණයක් සහ හඳුනානොගත් එක් මරණයකුත් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත්ය.

කොවිඩ් මරණ 109 න් 44 ක් නිවෙස්වලදී හෝ රෝහල් වෙත ඇතුළත් කිරීමේදී සිදු වූ මරණ වන අතර 64 දෙනකු මිය ගොස් ඇත්තේ රෝහල් වලදීයි. අනෙක් කොවිඩ් මරණය මාර්ගයක මියගොස් සිටි අයෙකි.

 

 

Related posts

බදු ප්‍රශ්නයට අදාළව ස්ථීර කාලරාමුවක්

Mohamed Dilsad

පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අනිද්දා සිට යළිත් විවෘතයි

Mohamed Dilsad

මෘදු මත්පැන් ගැන අද අධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

Leave a Comment