ගොසිප්

තවත් පළාතක් හුදෙකලා කිරීමේ සූදානමක්

(UTV | කොළඹ) – මධ්‍යම පළාත තුළිනුත් මේ වනවිට කොවිඩ් රෝගීන් වාර්තාවීමේ ඉහළ ප්‍රවණතාවයක් තිබෙන අතර මේ පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දිනයේ විශේෂ පැහැදිළි කිරීමක් සිදු කළේය.

“කොළඹ හුදෙකලා කරපු යම් යම් ප්‍රදේශවලින් සහ ඒ ප්‍රදේශ ආශ්‍රිතව හිටපු පුද්ගලයින් යෑමෙන් තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. නුවරඑළියේ ස්ථාන දෙකකින් සිද්ධි වාර්තා වුණා. එකක් මස්කෙළියෙන්. පසුගිය සමයේ දමිළ ආගමික උත්සවයක් තිබුණා. අපි දැනුම්දීලත් තිබුණා කඳුකර ප්‍රදේශවලට යන්නත් එපා කියලා. නමුත් එක් පුද්ගලයෙක් මේ ආකාරයෙන් ගිහිල්ලා මස්කෙළිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඒ වගේම නුවරඑළියෙත් වාර්තා වුණේ කොටහේන ප්‍රදේශයෙන් ගියපු පුද්ගලයෙක්. මේ සිද්ධි දෙකෙන්ම අපිට අනාවරණය වුණේ මෙහෙන් ගිය යම්කිසි ආශ්‍රිතයන්ගෙන් තමයි එහෙට රෝගය ගියේ කියලා. අපි මේ සිද්ධි දෙකම බුද්ධි අංශ හරහා සොයා බැලුවා. යම් ප්‍රදේශයකින් ආශ්‍රිතයෙක් හමු වූ විට සෙසු ජනතාවට ඉන් තර්ජනයක් තිබේද නැද්ද යන්න සොයා බලනවා. ඒ අනුව තමයි හුදෙකලා කිරීම හෝ නොකිරීම ආදී කරුණු ගැන තීරණය කරන්නෙ. පළාත් හුදෙකලා කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින ආකාරයෙන් තමයි අපි නිරන්තරයෙන් කටයුතු කරන්නේ.” යනුවෙන් ද එහිදී පෙන්වා දුනි.

 

 

 

Related posts

මීළඟ ජනාධිපතිවරණයට මෛත්‍රී තරඟ බිමට

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් අධීක්‍ෂණයට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්

Mohamed Dilsad

කොවිඩ් දේහ ආදාහනය කර මුදල් අය කරන බවට තොරතුරු

Mohamed Dilsad

Leave a Comment