දේශීය

අද දිනයේ පාසැල් පැමිණි සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය

(UTV | කොළඹ) – අදින් ආරම්භ කරන ලද පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

ඒ් අනුව , වයඹ පළාතේ සිසුන් 35% ක් , දකුණු පළාතේ සිසුන් 15 % ක් , සබරගමුවේ සිසුන් 55 % ක් සහ , මධ්‍යම පළාතේ සිසුන් 40 % ක් ද , උතුරු පළාතේ සිසුන් 47 % ක් , නැගෙනහිර පළාතේ සිසුන් 28 % ක් සහ ඌව පළාතේ සිසුන් 30 % ක් පැමිණ ඇති බව සඳහන්.

කෙසේවෙතත් බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති සෙසු ප්‍රදේශවල පාසල් අඛන්ඩව වසා තැබීමේ සූදානමක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

එම ප්‍රදේශවල තත්ත්වය සතිපතා අධීක්ෂණය කර අදාල පාසල් විවෘත කිරීමට කඩිනමින් පියවර ගන්නා බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය.

බස්නාහිර පළාතෙන් පිටත පළාත්වල පාසල් අද දින සිට ආරම්භ කල නමුත් මහනුවර ප්‍රදේශයේ පාසල් කිහිපයක්ද අද දිනයේ විවෘත නොකළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පැවසීය.

 

Related posts

13 වන සංශෝධනයේ ඇතැම් ක්‍රියා පටිපාටි ප්‍රායෝගික නොමැත – ජනපති

Mohamed Dilsad

බිත්තර මිල යළි ත් වෙනස් වෙයි

Mohamed Dilsad

සෙවනගල උක් ගොවීන්ගෙන් බලධාරීන්ට චෝදනාවක්

Editor O

Leave a Comment