දේශීය

ආසාදිතයන් කඩිනමින් සොයාගැනෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරට සිදුකිරීමට අවසර

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන් කඩිනමින් සොයා ගැනීම සඳහා ප්‍රතිදේහ පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරට සිදු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විසින් අවසර ලබා දී තිබේ.

මේ පිළිබඳව අඳහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේ ඊයේ දවස තුළදී ප්‍රතිදේහ ජනක කඩිනම් පරීක්ෂණ කට්ටල හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙරට සිදු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විසින් අවශ්‍ය නිර්දේශ ලබා දී ඇති බවයි.

ඒ අනුව අද සිට හදුනාගත් කණ්ඩායම් සදහා රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමට කටයුතු කරන බව පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේය.

මෙමගින් කොවිඩ් රෝගය ආසාදනය වී ඇතිදැයි විනාඩි 20 ත් 30 ත් අතර කාලයකදී තහවුරු කරගත හැකියි.

එමෙන්ම රෝහල් වලට පැමිණෙන කොවිඩ් රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයින්ද මෙම පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කරන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related posts

අලව්වේ නායයෑමක් – හෙදියක් මරුට

Mohamed Dilsad

‘රැට්ටා’ ඇතුලු තුනකට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

ශෂී වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment