විදෙස්

බොරිස් ජොන්සන් යළිත් නිරෝධායනයට

(UTV |බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යළිත් ස්වයං නිරෝධායනයට ලක් ඇති බව වාර්තා වේ.

ඒ ඔහුගේ සමීප පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් බව විදෙස් වාර්තා පවසයි.

ඔහු පසුගිය අප්‍රේල් මාසයේ කොරෝනා ආසාදනය වී රෝහල් ගත කෙරුණු අතර, නව ආශ්‍රිතයා මුණ ගැසී ඇත්තේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සිය නිල නිවසේ පසුගිය සතියේ පැවති රැස්වීමකදීය.

56 හැවිරිදි බි්‍රතාන්‍ය අගමැතිවරයා මුල්වර කොරෝනා ආසාදනයේදී දින 03 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.

බ්‍රිතාන්‍යයේ කොරෝනා ව්‍යාප්තිය දැන් නැවතත් ඉහළ ගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට දහතුන් ලක්ෂ 69,000 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Related posts

කිම් ජොං අන් ජනපති ට්‍රම්ප් සමඟ දෙවන සමුළුවට සුදානම්

Mohamed Dilsad

කුවේට්වලින් ශ්‍රී ලාංකිකයින් 62ක් පිටුවහල් කෙරේ

Mohamed Dilsad

ඉතියෝපියාවේ ලක්ෂ හතරක් ආහාර හිගයක

Mohamed Dilsad

Leave a Comment