දේශීය

විදේශ අමාත්‍යාංශයෙන් මෙරටට පැමිණෙන හා පිටව යන සංචාරකයින්ට දැනුම්දීමක්

(UTV | කොළඹ) –  ශ්‍රී ලංකාවට හෝ වෙනත් ඕනෑම තෙවැනි රටකට ඇතුළුවීමට අවසර ලබාදීම සඳහා ගෙවීම් , ගාස්තු හෝ ඕනෑම ආකාරයක මූල්‍යමය අයකිරීමක් ඉල්ලා සිටින පුද්ගලයින්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටතට යන සියලුම සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම , අදාළ රාජ්‍ය ආයතනවලට හැර ශ්‍රී ලංකාවට ඇතුළුවීමට හෝ පිටවීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවසර දී නොමැති බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට තුළ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද නැවත මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය, වඩාත් අවදානමට ලක්විය හැකි සහ සුදුසුම පුද්ගලයන්ට ප්‍රමුඛතාවය දෙමින් ඉදිරි සතිවල දී නැවත ආරම්භ කෙරෙනු ඇත.

විදේශ රටවල පදිංචිව සිටින අයට වැඩිදුර හා සත්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ඔබේ ළඟම ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය ඇමතිය හැක.

නැතහොත් ඔබේ ගැටලු https://www.contactsrilanka.mfa.gov.lk/ වෙබ් ලිපිනයෙහි පිහිටි ‘ශ්‍රී ලංකාව අමතන්න’අන්තර්ජාල ද්වාරය වෙත යොමු කළ හැකිය.

 

 

 

 

 

 

Related posts

ඡන්ද පොළට යන්න අපහසු අයට විශේෂ ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කරන්න අවස්ථාව

Editor O

කොළඹ මහ නගර සභාවේ අයවැය ලබන බදාදා

Editor O

කොරෝනා වෛරසය සඳහා මෙරට රෝහල් 12ක් සූදානමින්

Mohamed Dilsad

Leave a Comment